Thursday, November 3, 2016

Past Tense of "BE" අතීත කාල "BE" ක්‍රියාපද

Grammar lesson Ten -- දසවන  පාඩම


Past Tense of "BE"


අතීත කාල "BE" ක්‍රියාපද

අතීත කාලය යනු වර්තමාන කතා කරන මොහොතට පෙරතිබූ ගෙවීගිය කාලයයි. එම අතිතකලය පහත සදහන් ලෙස විවිධ කාලවචන වලින් දැක්විය හැක.

1.  මොහොතකට පෙර  a moment ago
2.  පැයකට පෙර  an hour ago
3.  දවසකට පෙර  a day ago
4.  ඊයේ  yesterday
5.  පෙරේදා a day before yesterday
6.  ගිය සතියේ  last week 
7.  ගිය මාසයේ  last month
8.  ගිය අවුරැද්දේ  last year
9.  අතීතයේදී  in the past
10.දිගු කාලයකට පෙර  a long time ago

මේවා සහ මෙවැනි තවත් ඒවා අතීත කාලය පෙන්වන කාල සටහන් කරැවන් හෙවත් Time Makers ලෙස හැදින්විය හැක. අතීත කාලය සදහා BE ක්‍රියා පද දෙකක් තිබේ. ඒවා පහතින් දැක්වේ.

1. was  ( වූයෙමි,සිටියෙමි.ඉදියෙමි,වූයේය/වූවාය,සිටියේය/සිටියාය,ඉදියේය/                     ඉදියාය,තිබුණි)

2. were (වූයෙමු,සිටියෙමු,ඉදියෙමු,වූවෝය,සිටියෝය.ඉදියෝය,තිබුණි.)

    දැන් අපි යොදා වාක්‍ය ටිකක් ලියා බලමු.

1.   I was a little boy ten years ago.(අවුරැදු 10 කට පෙර මම පුංචි පිරිමි ලමයෙකු වූයෙමි.)
2.   I was at school in the morning today.(අද උදයේ මම පාසලේ සිටියෙමි.)
3.   He was sick last week.(ගිය සතියේ ඔහු ලෙඩ විය.)
4.   She was very clever in her childhood.(ලමාඅවධියේදී ඈ ඉතා දක්ෂ වූවාය/විය.)
5.   My father was in London yesterday.(මගේ පියා ඊයේ ලන්ඩනයේ සිටියේය/ඉදියේය.)
6.   My sister was in the kitchen an hour ago.(මගේ සොයුරිය පැයකට පෙර කුස්සියේ සිටියාය/සිටියේය)
7.   The book was on this table two weeks ago.(සති දෙකකට පෙර පොත මෙම මේසය උඩ තිබුණි.)
8.   We were good friends those days.(අපි එදවස  හොද මිතුරන් වූයෙමු.)
9.   We were in the same class in 2015.(අපි 2015 දී එකම පංතියේ සිටියෙමු.)
10. They all were sick last week.(ඔව්හු සියල්ලෝ ගිය සතියේ අසනීප වූවෝය.)
11. My friends were in the zoo last evening.(මගේ මිතුරෝ ඊයේ සවස සත්තුවත්තේ සිටියෝය.)
12. My shirts were in the room last night.(මගේ සොහොයුරියෝ ඊයේ රාත්‍රිෙය් කාමරයේ සිටියෝය.)  

මෙන්න 9 වන පාඩමේ අභ්‍යාසයට උත්තර

1. මම බස් නැවතුමේ සිටිමි. ( I am at the bus-stop.)
2. හොද ලමයෙක් වෙමි. ( I am a good child.)
3. අපි ‍වෛද්‍යවරැන් වෙමු. ( We are doctors.)
4. අපි රෝහලේ සිටිමු. (We are at the hospital.)
5. ඔබ මගේ හොදම මිතුරා වෙහි. ( You are my best friend.)
6. ඔබලා මෙහි සිටිහු. ( You are here.)
7. ඔහු කාමරයේ සිටියි. ( He is in the room.)
8. ඈ මගේ නැගනිය වෙයි. ( She is my sister.)
9. ඌ කූඩුවේ සිටියි. (It is in the cage/nest.)
10. එය බෑගයේ තිබෙයි. (It is in the bag.)
11. ඔව්හු සොරැන් වෙති. ( They are thieves.)
12. උන් අහසේ සිටිති. (They are in the sky.)
13 ඒවා වත්තේ තිබෙි. ( They are in the garden.)
14. වතුර බෝතලයේ තිබෙයි. ( Water is in the bottle.)
15.නිමල් සහ කමල් සතුරෝ වෙති. ( Nimal and Kamal are enemies.)

පහතින් දැක්වෙන්නේ  BE හී වර්තමාන හා අතීත යන කාල දෙකෙන් ලියා ඇති සිංහල වාක්‍යය කීපයක ි ඒවා ඉංග්‍රීසියට හරවන්න.

1.   මම උස වෙමි.
2.   ඔව්හු  ඉතා ජනප්‍රිය වූවෝය.
3.  අපි මෝඩයෝ වෙමු.
4.  උන් භයානක සතුන් වෙති.
5.  ඔහු කඩවසම් වෙයි.
6.  ඒවා නාන කාමරයේ තිබුණි.
7.  ඈ අපේ අසල්වැසියා වෙයි.
8.  එය මේසය යට තිබෙයි.
9.  උෟ හරකෙකි.(වෙයි)
10. වතුර අපිරිසිදු වුනි.

මේවාට උත්තර ඊලග පාඩම අවසානයේ.

No comments:

Post a Comment