Thursday, November 3, 2016

Present Perfect Tense of "BE" වර්තමානයේ සම්පූර්ණවූ කාලයේ "BE" ක්‍රියාපද

Grammar lesson Tweleve --දොළොස් වන  පාඩම

Present Perfect Tense of "BE"

වර්තමානයේ සම්පූර්ණවූ කාලයේ "BE" ක්‍රියාපද

  Present Perfect Tense of Verb To "BE"

I am sick.(මම ලෙඩ වෙමි.) simple present
I was sick.(මම ලෙඩ වූයෙමි.) simple past
I will be sick.(මම ලෙඩ වන්නෙමි.) simple future
I have been sick.(මම ලෙඩ වීඇත්තෙමි.) present perfect

සිංලෙන් ඉංග්‍රීසි ඉගෙනගන්නා අපි present perfect යන කාලය අවබෝධ කර ගන්නේ කෙසේද? ඉංග්‍රීසි ව්‍යාකරණයේ එන වර්තමාන කාලය යනු කුමක්දැයි ඔබගෙන් යම් අයකු ඇසුවහොත් වර්තමාන කාලය යනු දැං කාලය යැයිද,දැං කාලයේ  කෙරෙ ක්‍රියා වර්තමාන කාල ක්‍රියා යැයිද ඔබ කියනු ඇත. ඒ ආකාරයටම Present Perfect යන කාලය කුමක්දැයි ඔබගෙන් යම් අයකු ඇසුවහොත් එය විස්තර කිරීමටද ඔබට හැකිවිය යුතුය.ඔබ එය පහත සදහන් 
ලෙස විස්තර කරන්න.

1.  Present Perfect කාලයේ ක්‍රියා යනු කතා කරන ‍වර්තමාන මොහොතට ලගම           අතීත මොහොතේ සම්පූර්ණවූ සහ ඒ නිසාම එහි ප්‍රතිපල වර්තමාන                       මොහොතේ දැක ගත හැකි ක්‍රියා.
2. ක්‍රියාව සම්පූර්ණවූ අතීත මොහොත ඊයේද, පෙරේදාද, ගිය සතියේද ලෙස           යන්න නිශ්චිතව නොදන්නා අතීත ක්‍රියා.( ඊයේද, පෙරේදාද, ගිය සතියේද             යන්න නිශ්චිතව දන්නා අතීත ක්‍රියා Present Perfect ක්‍රියා ලෙස නොගැනේ. ඒවා     ගැනෙන්නේ සරල අතීත කාලයටය.)
මෙම කාලය සදහා BE ක්‍රියා ස්වරෑප දෙකකි.

have been
has been 

have been බහුවචන කතෘ පද සදහාද has been ඒක වචන  කතෘ පද සදහාද යොදා ගැනේ. සියලුම සිංහල කතෘන් සදහා පොදුවේ have been සහ has been සදහා පහත සදහන් සිංහල අර්තයන් ලබාදිය හැක.

වී තිබේ /ඇත.
සිට තිබේ /ඇත.
ඉද තිබේ/ ඇත.
තිබී තිබේ /ඇත.

සියලුම සිංහල කතෘන් සදහා පොදුවේ have been සහ has been සදහා පහත සදහන් සිංහල අර්තයන් ලබාදුන්නද මෙම කාලයේ පවතින සිංහල වාක්‍ය ලියනවිට සිංහල ව්‍යාකරණයට අනුව ක්‍රියා පදය සැකසිය යුතුය.ඒ අනුව මම යන්නෙන් පටන් ගත්තේනම්  මි  යන්නෙන්ද අපි යන්නෙන් පටන් ගත්තේනම්  මු යන්නෙන්ද පරිදි අවසන්විය යුතු බව සැලකිය යුතුය.

ඒ අනුව කතෘ මම නම්

වී ඇත්තෙමි.
සිට ඇත්තෙමි.
ඉද ඇත්තෙමි ලෙසද

කතෘ අපි නම්

වී ඇත්තෙමු.
සිට ඇත්තෙමු.
ඉද ඇත්තෙමු ලෙසද විය යුතු බව සැලකිය යුතුය.

සාමාන්යෙන්  Present Perfect කාලයෙහි පවතින වාක්‍යවල කාලය පෙන්වන වාක්‍ය කණ්ඩ පැමිනේ.එවැනි වාක්‍ය කණ්ඩවලනිතර දැකගතහැකි වචන දෙකක් තිබේ. SINCE and FOR එම වචන දෙක වේ.  Perfect කාල වලදී කාලය පෙන්වන්නේ කාල පරාස ලෙසය (duration of time). සරල වර්තමානය, සරල අතීතය,සහ සරල අනාගත යන කාලවලදී කාලය පෙන්වන්නේ  මොහොත     වල් ලෙසය. (point of time).

Since යන වචනයෙන් කාල පරාසය පටන් ගත් මොහොත පෙන්වයි.

since yesterday ඊයේ සිට/සිටන්/පටන්.
since last week ගිය සතියේ සිට/සිටන්/පටන්.
since recently ලගකදී සිට/සිටන්/පටන්.
since past අතීතයේ සිට/සිටන්/පටන්.

For යන වචනයෙන් සම්පූර්ණ කාල පරාසය කොපමනදැයි පෙන්වයි.

for two hours පැය දෙකක් තිස්සේ
for two days දවස් දෙකක් තිස්සේ
for a week සතියක් තිස්සේ.
for five years අවුරැදු පහක් තිස්සේ


දැන් අපි උදාහරන වාක්‍ය කීපයක් ලියා බලමු.


1. I have been at the bus-stand for two hours.(මම පැය දෙකක් තිස්සේ බස් නැවතුමේ ඉද ඇත්තෙමි.)
2. We have been very close friends since we met first.(අපි පළමු මුනගැහුමේ සිට සමීප මිතුරන් වී ඇත්තෙමු.)
3. You have been my wife for ten years.(ඔබ අවුරැදු දහයක් තිස්සේ මගෙ බිරිද වි ඇත්තෙහි.)
4. You have been clever doctors since that day.(ඔබලා එදා සිට දක්ෂ වෛද්‍යවරැන් වී ඇත්තෙහු.)
5. He has been in the prison for five years.(ඔහු අවුරැදු පහක් තිස්සේ හිරගෙදර ඉද තිබේ.)
5. She has been sick for two weeks.(ඈ සති දෙකක් තිස්සේ අසනීපවී තිබේ.)
6. It has been a big problem to our country since past.(එය අතීතයේ සිට අපේ රටට විශේෂ ප්‍රශ්නයක් වී තිබේ.
7. It has been in this cage fore two month.(ඌ මාස දෙකක් තිස්සේ මෙම කූඩුවේ ඉද තිබේ.)
8. They have been with us since last Monday(ඔව්හු ගිය සදුදා සිට අප සමග ඉද තිබේ.)
9. My grand mother has been in hospital for three days.(මගේ ආච්චී දින තුනක් තිස්සේ රෝහලේ ඉද තිබේ.)
10. His garden has been under flood.(ඔහුගේ වත්ත ගං වතුරට යටවිී තබේ.)


No comments:

Post a Comment