Thursday, November 3, 2016

Future Tense of "BE" අනාගත කාල "BE" ක්‍රියාපද

Grammar lesson Eleven --එකොළොස් වන  පාඩම

Future Tense of "BE"

අනාගත කාල "BE" ක්‍රියාපද

අනාගත කාලය යනු තවම නොආ හෙවත්  එන්නට තිබෙන කාලයයි.අනාගතයේදී කරන්නට යන ක්‍රියා පැවසීමේදී කියවන්නාට එම ක්‍රියාතුල අනාගතභාවය හැගෙන පරිදි ක්‍රියාව සැකසිය යුතුය. සිංහල භාෂාවේදී එය පහසු නැත. ඉංග්‍රීසි භාෂාවේදී අනාගතය පෙන්වීම සදහාම වෙන්වූ වචන ඇති බැවින් එය පහසුය. shall සහ will යනු එවැනි වචන දෙකකි.අපි මෙම පාඩමේදී ඉගෙනගන්නේ වීම,සිටිම, ඉදීම සහ තිබීම අනාගතය හැගෙන පරිදි ඉංග්‍රීසි ක්‍රියාවක්  ලෙස ගොඩනගන ආකාරයයි. වීම,සිටිම, ඉදීම සහ තිබීම යනු non actionහෙවත් BE ට අයත් ක්‍රියා පද වේ.ඔබට අමතක නම් 7 වන පාඩම නැවත කියවන්න.

අනාගත කාලය සදහා BE ක්‍රියාපද දෙකකි.

shall be

will be

සියලුම කතෘන් සදහා will be යොදා ගන්න.

1.    I will be  ( මම වන්නෙමි/සිටින්නෙමි/ඉදින්නෙමි.)
2.    We will be (අපි වන්නෙමු/සිටින්නෙමු/ඉදින්නෙමු) 
3.    You will be (ඔබ වන්නෙහි/සිටින්නෙහි/ඉදින්නෙහි.)
4.    you will be (ඔබලා වන්නෙහු/සිටින්නෙහු/ඉදින්නෙහු.)
5.    He will be (ඔහු වන්නේය/සිටින්නේය/ඉදින්නේය.)
6.    She will be ( ඈ  වන්නේය/සිටින්නේය/ඉදින්නේය.)
7.    It will be (උෟ  වන්නේය/සිටින්නේය/ඉදින්නේය.)
8.    It will be (එය වන්නේය/තිබෙනනේය )
9.    They will be (ඔව්හු වන්නෝය/සිටින්නෝය/ඉදින්නෝය )
10.  They will be ( උන් වන්නෝය/සිටින්නෝය/ඉදින්නෝය )
11.  They will be (ඒවා වන්නෝය/තිබෙන්නෝය.)
12.  My mother will be (මගේ මව වන්නේය/සිටින්නේය/ඉදින්නේය)
13.  The world will be (ලෝකය වන්නේය/තිබෙන්නේය)
14.  The future of my country will be (මගේ රටේ අනාගතය වන්නේය/තිබෙන්නේය
15.  religions will be (ආගම් වන්නේය/තිබෙන්නේය.)

 ඇත්ත වශයෙන්ම අනාගත කාලය සදහා I සහ We සමග යොදා ගත යුත්තේ shall be වේ.You,He,She,It,They,etc.සදහා shall be කොහොමත්ම භාවිත කල නොහැක. වර්තමාන ප්‍රවනතාවය සියලුම කතෘන් සදහා will be යොදා ගැනීමයි. එහෙත් ඔබ විභාගයකට උත්තර ලියන විට I සහ WE සදහා shall be යොදාගන්නේනම් මැනවි.අනාගත කාලය හගවන වචන සහ වාක්‍ය ඛන්ඩ බොහෝවිට මෙවැනි වාක්‍යවල දැකගතහැක. පහත දැක්වෙන්නේ එවැනි කාල සටහන්කරැවන් කිපයකි.

Time Markers for Future Tense

1.  Tomorrow.හෙට
2.  Day after tomorrow.අනිද්දා
3.  Two days after tomorrow.ඉන්අනිද්දා
4.  Next week. ඊලග සතියේ
5.  Next month. ඊලග මාසේ
6.  Next year. ඊලග අවුරැද්දේ
7.  In the future. අනාගතයේදී
8.  In due course නුදුරැ අනාගතයේදී
9.  In 2020. දෙදහස් විස්සේදී
10. When I return home tomorrow මම හෙට ගෙදර ආවිට
 දැන් අපි මෙම කාල සටහන් කරැවන් යොදා සම්පූර්න වාක්‍ය ටිකක් ලියා බලමු.


1.    I will be a doctor in the future. 
2.    We will be in India tomorrow. 
3.    You will be clever soon.
4.    you will be the first next term.
5.    He will be my husband in due course.
6.    She will be here next week
7.    It will be a profitable business in coming years.
8.    It will be an unbelievable success.
9.    They will be in the jail after the trial tomorrow. 
10.  They will be in their nests tomorrow.
11.  They will be under the ground next month.
12.  My mother will be In Australia day after tomorrow. 
13.  The world will be a dangerous place to live in due course. 
14.  The future of my country will be danger in coming years. 

15.  Religions will be of less importance in the future.

අභ්‍යාසය

ඉහත සදහන් වාක්‍යය සිංහලට හරවන්න.

No comments:

Post a Comment