Friday, November 4, 2016

Action verbs (doing verbs and happening verbs) කරන සහ කෙරෙන ක්‍රියා

Grammar lesson Fourteen --දාහතර වන  පාඩම


Action verbs


මම මෙම ඉංග්‍රිසි පාඩම් මාලාව ඉදිරිපත් කරන්නේ ලොවෙහි වෙසෙන සිංහල කියවිය හැකි සියලු දෙනා වෙනුවෙනි.English for Sinhalese ලෙස සදහන් කර තිබුනාට සිංහල ජාතිකයින්ට පමනක් කියා මම අදහස් නොකරමි. මා උගත් භාෂාව මා හරහා තව අයෙයෙක් ඉගෙනගන්නවා දකින එක මට සතුටක් ගෙනදේ. එය පිනක් යැයි මා සිතමි.මා කරන මෙම සත් කාරය සදහා ඔබට කල හැකි උදව්ව වන්නේ දිනපතා මගේ වෙබ් අඩවියට පිවිස ඉගෙන ගැනීමත් තවත් අයට මෙම බ්ලොග් අඩවිය හදුන්වා දීමත්ය.

අපි අටවන පාඩමේ සිට දහතුන්වන පාඩම දක්වා ඉගෙන ගත්තේ non action verbs හෙවත්  BE ට
අයත් ක්‍රියා පද වේ.මෙම පාඩම කියවන්නට පෙර හත්වන පාඩම පොඩ්ඩක් කියවල එන්වා නම් පහසු වනු ඇත.

 හත්වන පාඩමට අනුව ක්‍රියා පද වර්ග දෙකකි. එක් වර්ගයකින් වීම,සිටීම,ඉදීම,තිබීම පෙන්වයි.ඒවා non action verbs හෙවත් BE verbs වේ. අනෙක් වර්ගය කරන දෙයක් හා කෙරෙන දෙයක් පෙන්වන ක්‍රියා පද වේ. මෙම  කරන දෙයක් හා කෙරෙන දෙයක් පෙන්වන ක්‍රියා පදවල චලනයක් එසේ නැත්නම් සෙලවීමක් දැකගතහැකිය. එනම් action එකක් දැක ගත හැකිය. එබැවින් ඒවාට ඉංග්‍රිසියෙන් ACTION VERBS යැයි කියනු ලැබේ.

කරන ක්‍රියා (doing verbs)

run (දුවයි)
go (යයි)
eat (කයි)
write (ලියයි)
sing (ගයයි)
talk (කතාකරයි.)

කෙරෙන ක්‍රියා (verbs that happen)

rain (වසියි)
fall වැටෙයි)
flow (ගලයි)
blow (හමයි)
bloom (පිපෙයි)

ඉංග්‍රීසි භාෂාවේ මෙම action වර්ගයේ ක්‍රියා විශාල සංඛ්‍යාවක් තිබේ. එය දහස් ගණනක් වියහැක.
මෙම එක් එක් ක්‍රියා පදය සදහා ක්‍රියා මූලය බැගින් තිබේ.විවිධ කාල සදහා සහ විවිධ කාර්යයන් සදහා විවිධ ක්‍රියා ස්වරෑප ගොඩනගාගනු ලබන්නේ මෙම කියා මූලයෙනි. උදාහරණයක් ලෙස eat and talk යන ක්‍රියා මූලයෙන් ගොඩනගා ගන්නා විවිධ ක්‍රියා ස්වරෑප දෙස බලන්න.

EAT

eat (වර්තමාන බහු වචන ස්වරෑපය)
eats (වර්තමාන ඒක වචන ස්වරෑපය)
ate (අතීත ස්වරෑපය)
eaten (අතීත කෘදන්තය)
eating (වර්තමාන කෘදන්තය)

TALK

talk (වර්තමාන බහු වචන ස්වරෑපය)
talks  (වර්තමාන ඒක වචන ස්වරෑපය)
talked  (අතීත ස්වරෑපය)
talked   (අතීත කෘදන්තය)
talking  (වර්තමාන කෘදන්තය)

මෙම ස්වරැප අතරින් වර්තමාන බහු වචන ස්වරෑපය, අතීත ස්වරෑපය සහ අතීත කෘදන්තය කට පාඩම්කර හෝ මතක තබා ගැනීම ඉදිරි පාඩම් වලදී මහෝපා කාරිවනු ඇත. එවැනි ක්‍රියාපද ලැයිස්තුවක් ඉදිරියේදී මා විසින් ඔබට සපයනුලැබේ. 

No comments:

Post a Comment