Friday, November 4, 2016

Past Perfect Tense of "BE" අතීතයේ සම්පූර්ණවූ කාලයේ "BE" ක්‍රියාපද

Past Perfect Tense of "BE"

 අතීතයේ සම්පූර්ණවූ කාලයේ "BE" ක්‍රියාපද


Past Perfect Tense of Verb To "BE"

1. I am at the bus halt. (simple present) (මම බස්නැවතුමේ සිටිමි.)
2. I was at the bus halt. (simple past) (මම බස්නැවතුමේ සිටියෙමි.)
3. I shall be at the bus halt. (simple future) (මම බස්නැවතුමේ සිටින්නෙමි.)
4. I have been at the bus halt. (present perfect) (මම බස්නැවතුමේ සිට ඇත්තෙමි.)
5. I had been at the bus halt. ( past perfect) (මම බස්නැවතුමේ සිටතිබුනෙමි.)



ඉහතින් දක්වා තිබෙන්නේ ඔබ මෙතෙක් කල් ඉගෙනගත් කාල හතරෙන් ලියා ඇති වාක්‍ය හතරක් සහ මෙම පාඩමේදී ඉගෙනගැනීමට යන කාලයෙන් ලියා ඇති වාක්‍යයකි. ඒවා කියවා අවබෝධ කර ගන්න.past යනු අතිත හා perfect යනු සම්පුර්ණවූ යන අරැත් දෙන වචන දෙකකි. එබැවින් past perfect යන්නෙන් අතීතයේ සම්පූර්ණවූ යන අර්ථය ගෙනදේ. මෙය ඉංග්‍රීසි ව්‍යාකරණයේ ක්‍රියා පද වලට පහත සදහන් ලෙස ගැලපිය හැක. එනම් අතීතයේ යම් කිසි මොහොතක පටන්ගත් ක්‍රියාවක් ඊට නුදුරැ අතීත මොහොතක සම්පූරනවී අවසන්වී ඇත. ඒ සදහා යම් කිසි කාලයක් ගතවි ඇති අතර එය කාල පරාසයක් ලෙස වාක්‍ය යේ සටහන් කෙරේ. ක්‍රියාවේ ප්‍රතිපල වර්තමාන මොහොතේ දැක ගැනීමටතිබිය යුතු යැයි අපේක්ෂා නොකෙරේ.

මෙම කාලය සදහා BE ක්‍රියා පද එකක් තිබේ. එනම් had been වේ. සාමාන්‍ය යෙන් මෙම කාලයේ පවතින සිංහල වාක්‍යයක් අවසන් වන්නේ අතීත කෘදන්තයක් (වී,සිට,ඉද,තිබී) පෙරටුකොටගත් තිබුණි යන වචනයෙනි. එබැවින්  had been සදහා පහත සදහන් සිංහල අර්තයන්සියලුම සිංහල කතෘන් සදහා පොදුවේ ලබාදිය හැක.

had been

වී තිබුණි
සිට තිබුණි.
ඉද තිබුණි.
තිබි තිබුණි.

සියලුම සිංහල කතෘන් සදහා පොදුවේ had been  සදහා ඉහත සදහන් සිංහල අර්තයන් ලබාදුන්නද මෙම කාලයේ පවතින සිංහල වාක්‍ය ලියනවිට සිංහල ව්‍යාකරණයට අනුව ක්‍රියා පදය සැකසිය යුතුය.ඒ අනුව මම යන්නෙන් පටන් ගත්තේනම්  මි  යන්නෙන්ද අපි යන්නෙන් පටන් ගත්තේනම්  මු යන්නෙන්ද පරිදි අවසන්විය යුතු බව සැලකිය යුතුය.

ඒ අනුව කතෘ මම නම්

වී තිබුනෙමි.
සිට තිබුනෙමි.
ඉද තිබුනෙමි. ලෙසද

කතෘ අපි නම්

වී තිබුනෙමු.
සිට තිබුනෙමු.
ඉද තිබුනෙමු. ලෙසද විය යුතු බව සැලකිය යුතුය.




සාමාන්යෙන්  Past Perfect කාලයෙහි පවතින වාක්‍යවල කාලය පෙන්වන වාක්‍ය කණ්ඩ පැමිනේ.එවැනි වාක්‍ය කණ්ඩවලනිතර දැකගතහැකි වචන දෙකක් තිබේ. SINCE and FOR එම වචන දෙක වේ.  Perfect කාල වලදී කාලය පෙන්වන්නේ කාල පරාස ලෙසය (duration of time). සරල වර්තමානය, සරල අතීතය,සහ සරල අනාගත යන කාලවලදී කාලය පෙන්වන්නේ  මොහොත     වල් ලෙසය. (point of time).

Since යන වචනයෙන් කාල පරාසය පටන් ගත් මොහොත පෙන්වයි.

since nine to ten yesterday ඊයේ නමයේ සිට/සිටන්/පටන් දහය දක්වා
since Monday to Friday last week ගිය සතියේ සදුදා සිට/සිටන්/පටන් සිකුරාදා දක්වා
since remote past to recent pastඈත අතීතයේ සිට/සිටන්/පටන් මෑත අතීතය දක්වා

For යන වචනයෙන් සම්පූර්ණ කාල පරාසය කොපමනදැයි පෙන්වයි.

for two hours yesterday ඊයේ පැය දෙකක් තිස්සේ
for two days last week ගිය සතියේදවස් දෙකක් තිස්සේ
for a week last month ගිය මාසේ සතියක් තිස්සේ.
for five years last decade පහුගිය දශකයේ අවුරැදු පහක් තිස්සේ

1. I had been at the bus-stand for two hours yesterday.(මම ඊයේ පැය දෙකක් තිස්සේ බස් නැවතුමේ ඉද තිබුනෙමි.)
2. We had been very close friends since 2006 to 2015.(අපි 2006 සිට 2015 දක්වා සමීප මිතුරන් වී තිබුනෙමු.   )
3. You had been my wife for ten years since 2000 to 2010.(ඔබ 2000 සිට 2010 දක්වා අවුරැදු දහයක් තිස්සේ මගෙ බිරිද වි තිබුනෙහි.)
4. You had been clever doctors since that day.(ඔබලා එදා සිට දක්ෂ වෛද්‍යවරැන් වී තිබුනෙහු.)
5. He had been in the prison for five years.(ඔහු අවුරැදු පහක් තිස්සේ හිරගෙදර ඉද තිබුණි.)
5. She had been sick for two weeks last year.(ඈ ගිය අවුරැද්දේ සති දෙකක් තිස්සේ අසනීපවී ති‍බුණි.)
6. It had been a big problem to our country since past.(එය අතීතයේ සිට අපේ රටට විශේෂ ප්‍රශ්නයක් වී තිබුණි).
7. It had been in this cage fore two month last year.(ඌ ගිය අවුරැද්දේ මාස දෙකක් තිස්සේ මෙම කූඩුවේ ඉද තිබුණි.)
8. They had been with us since last Monday to Friday(ඔව්හු ගිය සදුදා සිට සිකුරාදා දක්වා අප සමග ඉද තිබුණි.)
9. My grand mother had been in hospital for three days last week.(මගේ ආච්චී ගිය සතියේ දින තුනක් තිස්සේ රෝහලේ ඉද තිබුණි.)
10.His garden had been under flood for five days last month.(ඔහුගේ වත්ත ගිය මාසයේ දින පහක් ගං වතුරට යටවිී  තිබුණි.)

සාමාන්‍ය යෙන්  past perfect වාක්‍යයක් වඩා අර්ථවත් වන්නේ එය තවත් වාක්‍යයක් සමගින් ලිවීමෙනි. උදාහරණයක් ලෙස අතීතයේ සිදුවු ක්‍රියා දෙකක් ඇතැයි සිතන්න. මෙම දෙකෙන් එකක් අනිකට කලින් සිදුවූවා යැයිද සිතන්න.මෙම කලින් සිදුවු ක්‍රියාව හෙවත් වැඩි අතීතයක් සහිත ක්‍රියාව  past perfect කාලයෙනුත්,පසුව සිදුවූ ක්‍රියාව හෙවත් අඩු අතීතයක් සහිත ක්‍රියාව simple past කාලයෙනුත් ලියනු ලැබේ.

1. My grand mother had been in hospital for three days last week. (past perfect)
2. She died.(simple past)

දැන් අපි මෙම වාක්‍යයන් දෙක before යන සම්බන්ධීකරන වචනය යොද සම්බන්ධ කරමු.

My grand mother had been in hospital for three days last week before she died.

මගේ ආච්චී මිය යෑමට පෙර ඈගිය සතියේ දින තුනක් තිස්සේ රෝහලේ ඉද තිබුනි.

No comments:

Post a Comment