Sunday, October 23, 2016

වර්තමාන කාල "BE" ක්‍රියාපද

Grammar lesson Nine -- නමවන  පාඩම


Present Tense of "BE"


වර්තමාන කාල "BE" ක්‍රියාපද


 භාෂාවක ව්‍යාකරණයේඑන ක්‍රියා පද වලට අදාලව වර්ථමාන කාලය අප තේරැම් ගන්නේ කෙසේද? එදිනෙදා භාවිතයේදී අප කාලය මනින අවම ඒකකය තප්පරයවේ. ඒ අනුව තප්පරයක් පාසා කාලය අතීතයට ගමන් කරයිි. ඇත්ත වශයෙන්මනියම වර්ථමානය වන්නේ ඔබ කථා කරන තප්පරයි. ඊට පෙර තප්පරය අතීතය වන අතර ඊට පසු තප්පරය අනාගතයයි. ව්‍යාකරණයේ එන සරළ වර්ථමානය යනු ඔය කියන කථා කරන වර්ථමාන තප්පරය නොවේ.වර්ථමාන ජනාධිපතිතුමා යැයි කිිිියූ විට ඔහු ඊයේද  අදද හෙටද ජනාධිපතිය. එලෙස සරළ වර්තමානය යනු මදක් අතීතයටද මදක්අනාගතයටද ගමන්කරන්නාවූ කාලයකි.


වර්තමාන කාලය සදහා BE ක්‍රියාපද තුනකි

1.Am     (වෙමි,සිටිමි,ඉදීමි)

2.Is       (වෙයි, සිටියිි,ඉදියි ,තිබේ)

3.Are    (වෙමු, සිටිමු, ඉදිමු, වෙති, සිටිති,ඉදිති,තිබේ) 

Example (උදාහරණ)

1. I am a boy.   මම පිරිමි ලමයෙක් වෙමි.   
2. I am clever.  මම දක්ෂ වෙමි.
3. I am at home.  මම ගෙදර සිටිමි.

1. He is a doctor.  ඔහු වෛද්‍යවරයෙක් වෙයි.
2. She is in the kitchen.  ඈ කුස්සියේ සිටියි/ඉදියි.
3. It is on the table. එය මේසය උඩ තිබේ.

1. We are friends.  අපි මිතුරන් වෙමු.   
2. We are in the town  අපි නගරයේ සිටිමුු.
3. They are my brothers ඔව්හු මගේ සහෝදරයෝ වෙති.
4. They are in the car  ඔව්හු කාරයේ සිටිති
5. My books are in my bag  මගේ පොත් මගේ බෑගයේ් තිබේ.


ඉංග්‍රිසි භාෂාවේදී am, is, are යන වර්තමාන කාල BE ට අයත් ක්‍රියා පදයෙදීමේදී අප විසින් සොයාබැලිය යුත්තේ I හැරැනු විට අනෙක් සියලු කතෘ පද ඒක වචනද බහුවචනද කියාය. ඒක වචන නම් Is ද බහු වචන නම් Are ද යෙදිය යුතුය. වර්තමාන කාලයේදී I සදහාම වෙන්වු Am යන ක්‍රියාව තිබේ.එය වෙනකිසිම කතෘපදයක් සමග වාක්ය‍ය තනන්නෙ නැත.

පහත සදහන් වාක්‍යය ඉංග්‍රීසියෙන් ලිවීමට උත්සාහ කරන්න.

1. මම බස් නැවතුමේ සිටිමි.
2. හොද ලමයෙක් වෙමි.
3. අපි ‍වෛද්‍යවරැන් වෙමු.
4. අපි රෝහලේ සිටිමු.
5. ඔබ මගේ හොදම මිතුරා වෙහි.
6. ඔබලා මෙහි සිටිහු.
7. ඔහු කාමරයේ සිටියි.
8. ඈ මගේ නැගනිය වෙයි.
9. ඌ කූඩුවේ සිටියි.
10. එය බෑගයේ තිබෙයි.
11. ඔව්හු සොරැන් වෙති.
12. උන් අහසේ සිටිති.
13 ඒවා වත්තේ තිබෙි.
14. වතුර බෝතලයේ තිබෙයි.
15.නිමල් සහ කමල් සතුරෝ වෙති. (උත්තර ඊළග පාඩම අවසානයේ ඇත.)

Friday, October 21, 2016

Grammar lesson eight -- අටවන  පාඩම


BE verbs or Non action verbs


Be verbs හෙවත් non action verbs යනු වීමක් ,සිටීමක් / ඉදීමක්, තිබීමක් පෙන්වන ක්‍රියාපද වේ්. මුළු ඉංග්‍රීසි භෂාවටම ඇත්තේ Be verbs දහයක් පමණි.
තවද එම දහය කාල පහකට අයිතිය. එම කාල සහ එම එක් එක් කාලයට අයිති Be verbs පහතින් දක්වා ඇත

Present  tense. (වර්ථමාන  කාලය )

 Am 
 Is
Are

Past. Tense  (අතීත  කාලය )

Was
Were
Future  Tense  (අනාගත  කාලය )
Shall be
Will  be
Present  perfect  Tense  (වර්ථමානයේ අවසන්වූ  කාලය )
Has been
Have been 
Past perfect tense  (අතීතයේ අවසන්වූ කාලය )
Had been 
මෙහි මා විසින් මෙහිදී කාල පහක් සදහන් කර ඇත. ඉන් තුනක් අපි හොදින් දනිමු.ඒ වර්ථමාන  කාලය, අතීත  කාලය සහ අනාගත  කාලය යන කාල තුනයි.අපි පාසලේදී සිංහලට ඉගෙනගත්තේ ඒ කාල තුන පමනයි.එහෙත් ඉංග්‍රීසියේදී එහෙම බෑ. කාල දොලහක් තියෙනවා.ඒවායිින්  NON ACTION VERBS වලට අදාලවන්නේ කාල පහක් පමනයි. ඒ කාල පහ එකින්එකපහතින් සදහන්කර තිබේ.


-------------------------

Thursday, October 20, 2016

කරන,කෙරෙන(action) සහ වීම,සිටීම,තිබීම(non action) පෙන්වන ක්‍රියා

Grammar lesson seven -- හත්වන   පාඩම

THE VERB

ACTION VERBS AND NON ACTION VERBS


අපි පළමු පාඩමේදී ඉගෙනගත් ඉංග්‍රීසි වාක්‍යයක් ලියන නියම පිලිවෙළ වන s+v+o යන සූත්‍රයෙහි යනු verb හෙවත්  ක්‍රියා පදයවේ. ක්‍රියා පදයක් යනු කුමක්දැයි ඔබෙන් කවුරැන්හෝ ඇසුවහොත් ඔබ එයට දෙන පිළිතුර කුමක්ද? සිංහල භාෂා විශාරදයින් එම  පැනයට දෙන පිලිතුර පසෙක ලා ඉංග්‍රීසියෙහි එන ක්‍රියාව කුමක්දැයි නියමාකාරයෙන් වටහා ගැනීමට අප වැන්නන්ට තේරෙන ක්‍රමයක් සකසා ගැනීමට උත්සාහ කර බලමු. ඒ සදහා ක්‍රියාපද අඩංගු නිවැරදි සිංහල වාක්‍ය පහක් ගෙන අධ්‍යයනය කර බලමු. මෙන්න එම වාක්‍ය පහ.

1. අම්මා බත් උයයි. 
2. සුළග වේගයෙන් හමයි.
3. ඔහු වෛද්‍යවරයෙක් වෙයි.
4 .සීයා කාමරයේ සිටියි.
5. පොත මේසය උඩ තිබෙයි.
සාමාන්‍යයෙන් ලියන භාෂාවේදී සිංහල වාක්‍යයක ක්‍රියා පදය පිහිටන්නේ වාක්‍යය අවසානයේය. ඒ අනුව ඉහත වාක්‍ය පහේ යටින් ඉරඇදි පද ක්‍රියා පද වේ.

1.   1.    උයයි  යන ක්‍රියාවෙන් පෙන්වන්නේ කරන දෙයකි.
2.   2.    හමයි යන ක්‍රියාවෙන් පෙන්වන්නේ කෙරෙන දෙයකි.
3.   3.    වෙයි යන ක්‍රියාවෙන් පෙන්වන්නේ වීමකි.
4.   4.    සිටියි යන ක්‍රියාවෙන් පෙන්වන්නේ සිටීමකි.
5.   5.   තිබෙයි  යන ක්‍රියාවෙන් පෙන්වන්නේ තිබීමකි.

මේ අනුව ක්‍රියා පදයක් යනු කුමක්ද යන්නට අර්ථ කථනයක් අපට ගොඩනගා ගතහැක. මේ අනුව ක්‍රියා පදයක් යනු  කරන දෙයක් ,කෙරෙන දෙයක්. විමක්, සිටීමක්,තිබීමක් පෙන්වන වචනයකි. මෙය අපි ගොඩනගාගනු ලැබුවේ ඉංග්‍රීසි ක්‍රියාව මේ හරහා ඉගෙනගැනීමට පහසු වන බැවිනි.
1.       කරන දෙයක් හා කෙරෙන දෙයක් පෙන්වන ක්‍රියාපද වල චලනයක් එසේ නැත්නම් සෙලවීමක් දැකගතහැකිය. එනම් action එකක් දැක ගත හැකිය. එබැවින් ඒවාට ඉංග්‍රිසියෙන් ACTION VERBS යැයි කියනු ලැබේ.
2.       එහෙත් විමක්, සිටීමක්,තිබීමක් පෙන්වන ක්‍රියාවල එලෙස චලනයක් දැකගත නොහැක. එනම් action එකක් දැක ගත නොහැකිය. එබැවින් ඒවාට ඉංග්‍රිසියෙන් NON ACTION VERBS යැයි කියනු ලැබේ. විමක්, සිටීමක්,තිබීමක් යන ක්‍රියා වලට ඉංග්‍රීසියෙන් being යැයි පැවසේ. එබැවින් මෙම NON ACTION VERBS වලට BE VERBS යැයිද කියනු ලැබේ.


ACTION VERBS
NON ACTION VERBS OR BE VERBS

කරන ක්‍රියා,කෙරෙන ක්‍රියා

උදාහරන_

කයි,දුවයි,ලියයි,බලයි,නටයි

හමයි,පිපෙයි,ගලයි,වසියි,වැටෙයි


වීමක්,සිටීමක්,තිබීමක් පෙන්වන ක්‍රියා

උදාහරන

වෙමි,සිටිමි,ඉදිමි,තිබේ
(සිටිමි,ඉදිමි,අර්ථයෙන් සමානය)



මෙම ක්‍රියා වර්ග දෙකෙන් NON ACTION VERBS මුලින් ඉගෙන ගැනීම වඩා හොදය.


ප්‍රතීක සර්වනාමය සහ අවධාරනය කිරීම සදහා යොදා ගන්නා සර්වනාමය.

Grammar lesson six -- හයවන   පාඩම

Reflexive Pronoun and Emphatic pronoun

ප්‍රතීක  සර්වනාමය සහ අවධාරනය කිරීම සදහා 

යොදා ගන්නා සර්වනාමය.



මෙය කියවන ඔබ පහත සදහන් කරැනු කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි සිතමි.


1. මූලික වශයෙන් මෙය ආරම්භක මට්ටමේ දැනුමක් ඇති අයටය.

2. දී ඇති උච්චාරනයන් ශ්‍රී ලාංකික උච්චාරනයන් බව

3. ඔබගේ අවංක අදහස් අගය කෙරෙනා බව

අපි මීට පෙර ඉගෙනගත් කතෘ සර්වනාම පද හතෙන් ගොඩ නගාගත හැක ප්‍රතීක  සර්වනාමය සහ අවධාරනය කිරීම සදහා යොදා ගන්නා සර්වනාමය යැයි නම් කරන සර්ව නාම වර්ග දෙකක් තබේ.ඒවා පහතින් දැක්වේ.

I               වලින්  ගොඩනගාගන්නා      myself
We           වලින්  ගොඩනගාගන්නා      ourselves
You          වලින්  ගොඩනගාගන්නා       yourself and yourselves
He            වලින්  ගොඩනගාගන්නා       himself
She           වලින්  ගොඩනගාගන්නා       herself
It              වලින්  ගොඩනගාගන්නා       itself
They         වලින්  ගොඩනගාගන්නා       themselves


මෙහි එන self යනවචනය ඒක වචන වන අතර selves යනු එහි බහු වචනයයි.

yourself සහ yourselves යැයි දෙකක් ඇත්තේ youයන වචනය වරකදී ඒක වචන 
වන බැවින්හා වරකදී බහුවචන වන බැවිිනි.


self යන වචනය නාම පදයක් ලෙස ගත් කල එයට පහත සදහන් අර්ථයන් ලබාදිය හැක.



තමා

තම ආත්මය


ඉහත සදහන් කරඇති myself,ourselves,yourself, yourselves, himself, herself, itself,සහ themselves යන වචන ප්‍රතිීක සර්ව නාමයක්ද එසේ නැතිනම් අවධාරනය කිරීම සදහා යොදාගන්නා සර්ව නාමයක්ද යන්න තීරනයවන්නේ ඒවාවාක්‍යවල යෙදුනු පසුවය.


1. He hanged himself. 
    ඔහු ඔහුවම (තමාවම) එල්ලා ගත්තේය.
    මෙහිදී කතෘ විසින් ක්‍රයාව තමා මතම සිදුකරගෙන තිබේ. එනම් ක්‍රියාව           කතෘ මතම පරාවර්තනය වී ඇත. ඒනිසා මෙම වාක්‍යෙය්දී himself                       යනවචනය ප්‍රතීක සර්ව නාමයක් හෙවත් reflexive pronoun එකක්වේ.
2. He himself represented the meeting
    ඔහු (ඔහුම) රැස්විීම නියෝජනය කලේය.
  මෙහිදී himself යන වචනය යෙදීමෙන් වෙන කෙනෙකු නොයවා ඔහුම රැස්වීම    නියෝජනය කළේය යන අදහස ගෙනදේ.එනම් ඔහුම ගියබව අවධාරනය       වී ඇත. ඒ නිසා මෙම වාක්‍යෙය්දී himself යනවචනය අවධාරනය කිරීම සදහා     යොදාගන්නා   සර්ව නාමයක් හෙවත් emphatic pronoun එකක්වේ. තවද
emphatic pronoun එකක් කතෘට වහාම පිටුපසින් ලිවීම වඩා සදුසුය.

මේ අනුව පෙනෙන්නෙ himself යන වචනය වාක්‍යවල යෙදෙන ආකාරය අනුව
emphatic ද reflexive ද යන්න තීරනයවන බවයි

මෙතෙක් උගත් කරැණු පහත සදහන් ලෙස වගුවක සාරාංශ කර පෙන්විය හැක.

.

Subject pronoun

Object pronoun

Possessive adjective

Possessive pronoun

Emphatic and reflexive pronoun

I

me

my

mine

myself

We

us

our

ours

ourselves

You

you

your

yours
Yourself
yourselves

He

him

his

his

himself

She

her

her

hers

herself

It

it

its

its

itself

They

them

their

theirs

themselves


ඉංග්‍රීසි දක්ෂලෙස හසුරවන අයෙකු මෙම වචන මූලිකව සිංහල අර්ථයන් සමග කට පාඩම් කර මතක තබාගතයුතුය.නිතර භාවිතකළයුතුය. භාවිතකරන අවස්ථා ගණන වැඩිවන තරමට දීර්ග කාලීන මතකයෙහි රැදවීම පහසුවනු ඇත.මෙම වචන නොමැතිව ඉංග්‍රීසිය හැසිරවීමට හැකි යැයි   සිතීම මුලාවකි. සිත ඇත්නම් පත කුඩාද? අවශ්‍යවන්නේ අධිෂ්ඨානය හා දරා සිටිමයි. බොහෝ සිංහල අපට නැත්තේද එයයි.

Sunday, October 9, 2016

අයිතිය හගවන සර්වනාමය (Possessive Pronoun)

Grammar lesson Five -- පස්වන   පාඩම

Possessive Pronoun


අයිතිය හගවන  සර්වනාමය



මෙය කියවන ඔබ පහත සදහන් කරැනු කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි සිතමි.


1. මූලික වශයෙන් මෙය ආරම්භක මට්ටමේ දැනුමක් ඇති අයටය.

2. දී ඇති උච්චාරනයන් ශ්‍රී ලාංකික උච්චාරනයන් බව

3. ඔබගේ අවංක අදහස් අගය කෙරෙනා බව


අපි මීට පෙර ඉගෙනගත් කතෘ සර්වනාම පද හතෙන් ගොඩ නගාගත හැකි අයිතිය හගවන සර්වනාම හතක්ද තිබේ. ඒවා පහතින් දැක්වේ.



I                mine      මගේ එකක්ය / මගේ එකය / මගේ ඒවාය

                               මගේ එකෙක්ය /මගේ එකාය / මගේ උන්ය
                               මගේ අයෙකි / මාගේ අයයි
                             
We            ours       අපගේ එකක්ය / අපගේ එකය / අපගේ ඒවාය
                               අපගේ එකෙක්ය /අපගේ එකාය / අපගේ උන්ය
                               අපගේ අයෙකි / අපගේ අයයි

You           yours    ඔබගේ / ඔබලාගේ එකක්ය /   ඔබගේ / ඔබලාගේ එකය / ඔබගේ /                               ඔබලාගේ  ඒවාය
                               ඔබගේ / ඔබලාගේ එකෙක්ය / ඔබගේ / ඔබලාගේ එ ඔබගේ /                                         ඔබලාගේ උන්ය
                               ඔබගේ / ඔබලාගේ අයෙකි /  ඔබගේ / ඔබලාගේ අයයි
   
He             his        ඔහුගේ එකක්ය / ඔහුගේ එකය / ඔහුගේ ඒවාය
                               ඔහුගේ එකෙක්ය /ඔහුගේ එකාය / ඔහුගේ උන්ය
                               ඔහුගේ අයෙකි / ඔහුගේ අයයි
            
She            hers      ඇයගේ එකක්ය / ඇයගේ එකය / ඇයගේ ඒවාය
                               ඇයගේ එකෙක්ය /ඇයගේ එකාය / ඇයගේ උන්ය
                               ඇයගේ අයෙකි / ඇයගේ අයයි

It               its         උගේ / එහි එකක්ය /උගේ / එහි  එකය /  උගේ / එහි ඒවාය
                                උගේ / එහිඑකෙක්ය / උගේ / එහිඑකාය / මගේ උන්ය
                                උගේ / එහිඅයෙකි /උගේ / එහි  අයයි

They         theirs     ඔවුන්ගේ / උන්ගේ / ඒවයේ  එකක්ය /  ඔවුන්ගේ / උන්ගේ /                                               ඒවයේ එකය            /  ඔවුන්ගේ / උන්ගේ / ඒවයේ  ඒවාය
                               ඔවුන්ගේ / උන්ගේ / ඒවයේ  එකෙක්ය /  ඔවුන්ගේ / උන්ගේ /                                              ඒවයේ එකාය /  ඔවුන්ගේ / උන්ගේ / ඒවයේ  උන්ය
                     ඔවුන්ගේ / උන්ගේ / ඒවයේ  අයෙකි /  ඔවුන්ගේ / උන්ගේ / ඒවයේ  අයයි



මා විසින් ඉහත පාඩමකදී උගන්වා ඇති හා අතරයම්කිසි සම්බන්දතාවයක් තබේ. එනම් දෙවර්ගයෙන්ම හගවන්නේ අයිතිය බවයි.එහෙත් අයිතියහගවන නාම විශේෂණය මගින් අයිතිකරැ අවදාරනයට ලක්කරන අතර අයිතිය හගවන සර්ව නාමය මගින් අයිතිකරැට වඩා අයිති දෙය ගැන අවධාරනයට ලක්කෙරේ.


පහත සදහන් වක්‍ය යුගලයන්හී පළමු වාක්‍යයේ අයිතිය සදහන්කර ඇත්තේ අයිතිය හගවන නාම විශේෂණය මගිනි. එම අර්ථයම එන ලෙස අයිතිය හගවන සර්වනාමය  භාවිතාකළහැකි ආකාරය දෙවන වාක්‍යයයේ දකවා ඇත.


1. This is my book.                  මේ / මෙය මාගේ  පොතය.

    This book is mine                මේ පොත මාගේ එකය./එකක්ය



2. These are our houses.          මේ / මේවා අපගේ ගෙවල්ය.         

    These houses are ours.         මේ ගෙවල් අපගේ ඒවාය.


3.That is your dog.                  අර / අරෑ ඔබගේ බල්ලාය.

   That dog is yours.                 අර බල්ලා ඔබගේ එකෙක්ය /එකාය.


4. Those are their children        අර / අර අය ඔවුන්ගේ ළමුන්ය.

    Those children are theirs      අර ළමුන් ඔවුන්ගේ අයයි.


_________________________________________________________________________________


අයිතිය හගවන නාම විශේෂණ (Possessive Adjectives)

Grammar lesson Four -- හතරවන   පාඩම

Possessive Adjectives

අයිතිය හගවන නාම විශේෂණ


අපි මීට පෙර ඉගෙන ගත්  කතෘ සර්වනාම පද හතෙන්  ගොඞනගාගත හැකි අයිතිය හගවන නාම විශේෂණ පද හතක් තිබෙි. ඉංග්‍රීසි භාවිතයේදී ඒව නිතර නිතර ලිවිමට සහ කීමට සිදුවේ. එබැවින් ඒවායේ භාවිතය පිලිබද මනා අවබෝධයක් ඔබට තිබිය යුතුය. පහතින් පලවන්නේ එම පද හත හා ඒවා පිලිබද ඔබ දැන ගත යුතු කරැනු කීපයකි.

I                                        My         මයි         මගේ
We                                    Our        අවර්       අපේ
You                                   Your       යුවර්       ඔබගේ/ඔබලාගේ
He                                    Him       හිම්         ඔහුගේ
She                                   Her         හර්        ඇගේ
It                                      Its           ඉට්         උගේ, ඒකේ, එහි
They                                Their      දෙයාර්    ඔවුන්ගේ, උන්ගේ, ඒවායේ


1. මෙම නාම විශේෂණ ඉදිරියේ කිසි විටක a,an.the යන අව්‍ය පදයොදන්න එපා.

    a my bag (වැරදි)
    my bag  (හරි)
    an our friend (වැරදි)
    our friend (හරි)
2. මෙම නාම විශේෂණ වලට අමතරව වෙනත් නාම විශේෂන යෙදී ඇත් නම් මෙම නාම විශේෂණ     ඊටත් පෙරින් යොදන්න.
    bad behavior 
    his bad behavior (හරි)
    bad his behavior (වැරදි)


පහත සදහන් උදාහරණ කියවා  අවබෝධ කරගන්න.

1.   my country
2.   my idea 
3.   my books
4.   my money
5.   my big brown water bottle
6.   our world
7.   our misfortune
8.   your mother
9.   your mothers
10. his car
11. his anger 
12. her beauty 
13. her long hair
14. its cage
15. its ruins
16. its beak
17. their children
18. their feathers
19. their debris 
20. their hospitality


ඉහත සදහන් වාක්‍ය ඛන්ඩ වල අර්තයන් පහතින් පලවේ.

1.   මයි කන්ට්‍රි -- මගේ රට
2.   මයි අයිඩියා -- මගේ අදහස
3.   මයි බුක්ස් -- මගේ පොත්
4.   මයි මනී -- මගේ මුදල්
5.   මයි බිග් බ්‍රවුන් වෝට බොට්ල් -- මගේ ලොකු දුඹුරැ පැහැති වතුර බෝතලය
6.   අවර් වර්ල්ඩ් -අපේ ලෝකය
7.   අවර් මිස් ෆෝචූන් -- අපේ අවාසනාව
8.   යුවර් මදර් - ඔබගේ මව
9.   යුවර් මදර්ස් - ඔබලාගේ මව්වරැ
10. හිස් කා - ඔහුගේ කාරය
11. හිස් ඇන්ගර් - ඔහුගේ තරහව
12. හර් බියුටි - ඇගේ ලස්සන
13. හර් ලෝංග් හෙයාර් -ඇගේ දිගු වරලස
14. ඉට්ස් කේජ් - උගේ කූඩුව
15. ඉට්ස් රැයින්ස් - එහි නටඹුන්
16. ඉට්ස් බීක් - උගේ හොට
17. දෙයාර් චිල්රන්ස් - ඔවුන්ගේ ලමයි
18. දෙයාර් ෆෙදර්ස් - උන්ගේ පිහාටු
19. දෙයාර් ඩෙබ්රීස් - ඒවායේ සුන්බුන්
20. දෙයාර් හොස්පිටලිටි - ඔවුන්ගේ ආගන්තුක සත්කාරය


මෙන්න 3 වන අභ්‍යාසයට උත්තර

Dogs bark at  ------- me
Dogs bark at  ------- us
Dogs bark at  ------- you
Dogs bark at  ------- you
Dogs bark at  ------- him
Dogs bark at  ------- her
Dogs bark at  ------- it
Dogs bark at  ------- it
Dogs bark at  ------- them
Dogs bark at  ------- them
Dogs bark at  ------- them


---------------------------------------------------------------------------------------------------------------