Friday, November 18, 2016

ක්‍රියා මූලය හා එහි ලක්ෂණ ( verb stem)

   ඉංග්‍රීසි භාෂාවේ  action වර්ගයේ ක්‍රියා විශාල සංඛ්‍යාවක් තිබේ. එය දහස් ගණනක් වියහැක.
මෙම එක් එක් ක්‍රියා පදය සදහා ක්‍රියා මූලය බැගින්ද තිබේ. ක්‍රියා මූලයකට පහත සදහන් ලක්ෂණ තිබේ යැයි ඉගෙනගැනිමේ පහසුව සදහා අපි මොහොතකට උපකල්පනය කරමු.

1. ක්‍රියා මූලයකට කාලයක් නැත. එබැවින් අවශ්‍ය කාලය අාධාරක ක්‍රියා මගින් සැපයිය යුතුය.
2. ක්‍රියා මූලය ඒකවචන හෝ බහු වචන නොවේ. එබැවින් ඒක වචන හෝ බහු වචන බව අාධාරක ක්‍රියා මගින් සැපයිය යුතුය. (do,does,did,done )
3. ක්‍රියා මූලය අගට අකුරක් හෝ අකුරැ ඛන්ඩයක් එකතු විය හැක.එසේ එකතුවිය හැකි අකුරැ හෝ අකුරැ ඛන්ඩ වන්නේ

-s, -es, -ies, -ing, -ed
  
4. විවිධ කාල සදහා සහ විවිධ කාර්යයන් සදහා විවිධ ක්‍රියා ස්වරෑප ගොඩනගාගනු ලබන්නේ          මෙම කියා මූලයෙනි. උදාහරණයක් ලෙස eat and talk යන ක්‍රියා මූලවලින් ගොඩනගා ගන්නා විවිධ   ක්‍රියා ස්වරෑප දෙස බලන්න.

EAT

eat (වර්තමාන බහු වචන ස්වරෑපය)
eats (වර්තමාන ඒක වචන ස්වරෑපය)
ate (අතීත ස්වරෑපය)
eaten (අතීත කෘදන්තය)
eating (වර්තමාන කෘදන්තය)

TALK

talk (වර්තමාන බහු වචන ස්වරෑපය)
talks  (වර්තමාන ඒක වචන ස්වරෑපය)
talked  (අතීත ස්වරෑපය)
talked   (අතීත කෘදන්තය)
talking  (වර්තමාන කෘදන්තය)

ඉහත රතු පාටින් සදහන් කර ඇති ස්වරෑප තුන ක්‍රියා මුලයෙන් ගොඩ නගාගන්නා ප්‍රධන ස්වරෑප තුනවේ. අපි ඊලග පාඩමින් ඒවා ගොඩනගන අයුරැ ඉගෙන ගනිමු.



      


No comments:

Post a Comment