Friday, December 9, 2016

ක්‍රියා මූලයෙන් වර්තමාන බහු වචන ස්වරෑපය ගොඩනගන අයුරැ

ක්‍රියා මූලයෙන් වර්තමාන බහු වචන ස්වරෑපය ගොඩනැගීම සදහා එම ක්‍රියා මුලයට වර්තමාන භාවයද බහුවචන බාවයද එකවිට සැපයිය හැකි අධාරක ක්‍රියාවක් වන do එකතු කරනු ලැබේ.එවිට එම ආධාරක ක්‍රියාව ක්‍රියා මුලය තුල සැගවී එය වර්තමාන බහු වචන ස්වරෑපය බවට පත් කරනු ලැබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ වර්තමාන බහු වචන ස්වරෑපයේ අකුරැ  ක්‍රියා මුලයේ අකුරැ වලට සමාන විමයි. පහත උදාහරන බලන්න.

ආධාරක ක්‍රියාව     ක්‍රියා මූලය        වර්තමාන බහු වචන ස්වරෑපය  

do              +                   eat          ------                       eat 
do              +                   cut          ------                       cut
do              +                   buy         ------                       buy
do              +                   run          ------                       run
do              +                   talk         ------                       talk

දැන් මෙම වර්තමාන බහු වචන ස්වරෑප යොදා වාක්‍යයක් නිර්මානය කල විට එම වාක්‍යයද වරර්තමාන බහු වචන වාක්‍යයක් වනු ඇත.

1. I eat bread for my breakfast.
2. We cut down trees for timber.
3. My parents buy provisions from the market.
4. Children run everywhere for fun'
5. English people talk very fast.

ඉහතින් ලියා ඇති සියලුම වාක්‍යයන් වර්තමාන කාල බහුවචන වක්‍යයන්ය. අපිට මෙම වාක්‍යයන් නැත යන අර්ථයට පත් කිරීමට අවශ්‍යවූවා යැයි සිතමු.එවිට අපකල යුත්තේ ක්‍රියාව තුල සැගව ඇති ආධාරක ක්‍රියාව ඉන් එලියට ගෙන ක්‍රියාව ඉදිරියෙන්ලියා එය පිටුපසට not දැමීමයි. ආධාරක ක්‍රියාව ප්‍රධාන ක්‍රියාවෙන් ඉවතට ගත්පසු ප්‍රධාන ක්‍රියාව ක්‍රියාමූලය බවට පත් වනබව තරයේ මතකතබාගත යුතුය. දැන් අපි ඉහත සදහන් වාක්‍යයන්නැත යන අර්ථයට හරවන අයුරැ  බලමු.

පලමු පියවර

1. I do eat bread for my breakfast.
2. We do cut down trees for timber.
3. My parents do buy provisions from the market.
4. Children do run everywhere for fun'

5. English people do talk very fast.

දෙවන පියවර

1. I do not eat bread for my breakfast.
2. We do not cut down trees for timber.
3. My parents do not buy provisions from the market.
4. Children do not run everywhere for fun'

5. English people do not talk very fast.





No comments:

Post a Comment