Thursday, October 20, 2016

ප්‍රතීක සර්වනාමය සහ අවධාරනය කිරීම සදහා යොදා ගන්නා සර්වනාමය.

Grammar lesson six -- හයවන   පාඩම

Reflexive Pronoun and Emphatic pronoun

ප්‍රතීක  සර්වනාමය සහ අවධාරනය කිරීම සදහා 

යොදා ගන්නා සර්වනාමය.



මෙය කියවන ඔබ පහත සදහන් කරැනු කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි සිතමි.


1. මූලික වශයෙන් මෙය ආරම්භක මට්ටමේ දැනුමක් ඇති අයටය.

2. දී ඇති උච්චාරනයන් ශ්‍රී ලාංකික උච්චාරනයන් බව

3. ඔබගේ අවංක අදහස් අගය කෙරෙනා බව

අපි මීට පෙර ඉගෙනගත් කතෘ සර්වනාම පද හතෙන් ගොඩ නගාගත හැක ප්‍රතීක  සර්වනාමය සහ අවධාරනය කිරීම සදහා යොදා ගන්නා සර්වනාමය යැයි නම් කරන සර්ව නාම වර්ග දෙකක් තබේ.ඒවා පහතින් දැක්වේ.

I               වලින්  ගොඩනගාගන්නා      myself
We           වලින්  ගොඩනගාගන්නා      ourselves
You          වලින්  ගොඩනගාගන්නා       yourself and yourselves
He            වලින්  ගොඩනගාගන්නා       himself
She           වලින්  ගොඩනගාගන්නා       herself
It              වලින්  ගොඩනගාගන්නා       itself
They         වලින්  ගොඩනගාගන්නා       themselves


මෙහි එන self යනවචනය ඒක වචන වන අතර selves යනු එහි බහු වචනයයි.

yourself සහ yourselves යැයි දෙකක් ඇත්තේ youයන වචනය වරකදී ඒක වචන 
වන බැවින්හා වරකදී බහුවචන වන බැවිිනි.


self යන වචනය නාම පදයක් ලෙස ගත් කල එයට පහත සදහන් අර්ථයන් ලබාදිය හැක.



තමා

තම ආත්මය


ඉහත සදහන් කරඇති myself,ourselves,yourself, yourselves, himself, herself, itself,සහ themselves යන වචන ප්‍රතිීක සර්ව නාමයක්ද එසේ නැතිනම් අවධාරනය කිරීම සදහා යොදාගන්නා සර්ව නාමයක්ද යන්න තීරනයවන්නේ ඒවාවාක්‍යවල යෙදුනු පසුවය.


1. He hanged himself. 
    ඔහු ඔහුවම (තමාවම) එල්ලා ගත්තේය.
    මෙහිදී කතෘ විසින් ක්‍රයාව තමා මතම සිදුකරගෙන තිබේ. එනම් ක්‍රියාව           කතෘ මතම පරාවර්තනය වී ඇත. ඒනිසා මෙම වාක්‍යෙය්දී himself                       යනවචනය ප්‍රතීක සර්ව නාමයක් හෙවත් reflexive pronoun එකක්වේ.
2. He himself represented the meeting
    ඔහු (ඔහුම) රැස්විීම නියෝජනය කලේය.
  මෙහිදී himself යන වචනය යෙදීමෙන් වෙන කෙනෙකු නොයවා ඔහුම රැස්වීම    නියෝජනය කළේය යන අදහස ගෙනදේ.එනම් ඔහුම ගියබව අවධාරනය       වී ඇත. ඒ නිසා මෙම වාක්‍යෙය්දී himself යනවචනය අවධාරනය කිරීම සදහා     යොදාගන්නා   සර්ව නාමයක් හෙවත් emphatic pronoun එකක්වේ. තවද
emphatic pronoun එකක් කතෘට වහාම පිටුපසින් ලිවීම වඩා සදුසුය.

මේ අනුව පෙනෙන්නෙ himself යන වචනය වාක්‍යවල යෙදෙන ආකාරය අනුව
emphatic ද reflexive ද යන්න තීරනයවන බවයි

මෙතෙක් උගත් කරැණු පහත සදහන් ලෙස වගුවක සාරාංශ කර පෙන්විය හැක.

.

Subject pronoun

Object pronoun

Possessive adjective

Possessive pronoun

Emphatic and reflexive pronoun

I

me

my

mine

myself

We

us

our

ours

ourselves

You

you

your

yours
Yourself
yourselves

He

him

his

his

himself

She

her

her

hers

herself

It

it

its

its

itself

They

them

their

theirs

themselves


ඉංග්‍රීසි දක්ෂලෙස හසුරවන අයෙකු මෙම වචන මූලිකව සිංහල අර්ථයන් සමග කට පාඩම් කර මතක තබාගතයුතුය.නිතර භාවිතකළයුතුය. භාවිතකරන අවස්ථා ගණන වැඩිවන තරමට දීර්ග කාලීන මතකයෙහි රැදවීම පහසුවනු ඇත.මෙම වචන නොමැතිව ඉංග්‍රීසිය හැසිරවීමට හැකි යැයි   සිතීම මුලාවකි. සිත ඇත්නම් පත කුඩාද? අවශ්‍යවන්නේ අධිෂ්ඨානය හා දරා සිටිමයි. බොහෝ සිංහල අපට නැත්තේද එයයි.

No comments:

Post a Comment