Saturday, October 8, 2016

සිංහල වාක්‍යක් හා ඉංග්‍රීසි වාකයක් අතර ව්‍යුහමය වෙනස (The structural difference between an English sentence and a Sinhala sentence)

Grammar lesson One -- පළමු පාඞම


මෙය කියවන ඔබ පහත සදහන් කරැනු කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි සිතමි.

1. මූලික වශයෙන් මෙය ආරම්භක මට්ටමේ දැනුමක් ඇති අයටය.

2. දී ඇති උච්චාරනයන් ශ්‍රී ලාංකික උච්චාරනයන් බව


3. ඔබගේ අවංක අදහස් අගය කෙරෙනා බව


4. ඔබ මින් යමක් උගත්තේනම්  මෙය ගැන අනෙක් අයට පවසන්න.


The structural difference between an English sentence and a Sinhala sentence

ඉංග්‍රිසි වාක්‍යයක් සහ සිංහල වාක්‍යයක් අතර ව්‍යුහමය වෙනස


ඉංග්‍රිසි වාක්‍යයක් සහ සිංහල වාක්‍යයක් අතර ව්‍යුහමය වෙනසක් තිබෙි. එය වටහා ගැනීමට සිංහල වාක්‍යයක් ලියා එය අධ්‍යනය කර බලමු.


මම  ගෙදර යමි.


මෙම වාක්‍යයේ කරන දෙයක් පෙන්වන වචනයක් තිබෙි. එය “යමි“ යන්නයි. මෙම කරන  දෙය  පෙන්වන වචනය මෙම වාක්‍යයයේ  ක්‍රියාව  වෙි. තවද මෙම

ක්‍රියාව කරන අයෙක් මෙම වක්‍යයේ සිටී. එය‘ මම යන්නය. එය මෙ වක්‍යය‍ේ කතෘ වෙි. ක්‍රියාවද කතෘද වෙන් කර හදුනාගත් පසු ඉතිරි වචනය කර්මය ලෙස  නමි කරමු.
මෙි අනුව  ව්‍යාකරණාකූලව නවැරදි සිංහල වාක්‍යක ව්‍යුහය හෙවත් වචන පිහිටන ආකාරය වනුයේ 

කතෘ  +  කර්ම  +  ක්‍රියා


යන ආකාරයටය. දැන් අපි ඉහතින් අධ්‍යනය කළ වාක්‍යය නිවැරදිව ඉංග්‍රීසියට පරිවර්තනය කර එහි වචන පිහිටන ආකාරය අධ්‍යනය කරමු.

I  go  home

I  =   මම 

go  =  යමි

home  =  ගෙදර


මෙි අනුව පෙනෙන්නේ නවැරදි ඉංග්‍රිසි වාක්‍යයක වචන පිහිටනනේ


කතෘ  +  ක්‍රියා  +  කර්ම


යන ආකාරයට බවයි. නිවැරදි ආකරය එයයි. අපි මෙයට ඉංග්‍රීසි වාක්‍යයක් ලියන  correct order යැයි කියමු. එය පහසුවෙන් මතක තබා ගැනීම සදහා සූත්‍රයක් ආකාරයට සකසා ගනිමු.


 s  +  v  +  o 


s  =  subject  ( කතෘ )
v  =  verb  ( ක්‍රියා )
o  =  object  (කර්ම )

අභ්‍යාසය

පහත සදහන් අපිළිවෙලට ලියා ඇති වාක්‍ය පිළිවෙලට සකසන්න.

1. eat/rice/I
2. play/we/cricket
3. bicycles/ride/ boys
4. sing/birds/songs
5. babies/milk/drink



උත්තර දෙවන පාඞම අවසන ලබා දී ඇත.

1 comment:

  1. සංකීර්න සිංහල වාක්‍ය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්නේ කොහොමද?

    ReplyDelete