Thursday, October 20, 2016

කරන,කෙරෙන(action) සහ වීම,සිටීම,තිබීම(non action) පෙන්වන ක්‍රියා

Grammar lesson seven -- හත්වන   පාඩම

THE VERB

ACTION VERBS AND NON ACTION VERBS


අපි පළමු පාඩමේදී ඉගෙනගත් ඉංග්‍රීසි වාක්‍යයක් ලියන නියම පිලිවෙළ වන s+v+o යන සූත්‍රයෙහි යනු verb හෙවත්  ක්‍රියා පදයවේ. ක්‍රියා පදයක් යනු කුමක්දැයි ඔබෙන් කවුරැන්හෝ ඇසුවහොත් ඔබ එයට දෙන පිළිතුර කුමක්ද? සිංහල භාෂා විශාරදයින් එම  පැනයට දෙන පිලිතුර පසෙක ලා ඉංග්‍රීසියෙහි එන ක්‍රියාව කුමක්දැයි නියමාකාරයෙන් වටහා ගැනීමට අප වැන්නන්ට තේරෙන ක්‍රමයක් සකසා ගැනීමට උත්සාහ කර බලමු. ඒ සදහා ක්‍රියාපද අඩංගු නිවැරදි සිංහල වාක්‍ය පහක් ගෙන අධ්‍යයනය කර බලමු. මෙන්න එම වාක්‍ය පහ.

1. අම්මා බත් උයයි. 
2. සුළග වේගයෙන් හමයි.
3. ඔහු වෛද්‍යවරයෙක් වෙයි.
4 .සීයා කාමරයේ සිටියි.
5. පොත මේසය උඩ තිබෙයි.
සාමාන්‍යයෙන් ලියන භාෂාවේදී සිංහල වාක්‍යයක ක්‍රියා පදය පිහිටන්නේ වාක්‍යය අවසානයේය. ඒ අනුව ඉහත වාක්‍ය පහේ යටින් ඉරඇදි පද ක්‍රියා පද වේ.

1.   1.    උයයි  යන ක්‍රියාවෙන් පෙන්වන්නේ කරන දෙයකි.
2.   2.    හමයි යන ක්‍රියාවෙන් පෙන්වන්නේ කෙරෙන දෙයකි.
3.   3.    වෙයි යන ක්‍රියාවෙන් පෙන්වන්නේ වීමකි.
4.   4.    සිටියි යන ක්‍රියාවෙන් පෙන්වන්නේ සිටීමකි.
5.   5.   තිබෙයි  යන ක්‍රියාවෙන් පෙන්වන්නේ තිබීමකි.

මේ අනුව ක්‍රියා පදයක් යනු කුමක්ද යන්නට අර්ථ කථනයක් අපට ගොඩනගා ගතහැක. මේ අනුව ක්‍රියා පදයක් යනු  කරන දෙයක් ,කෙරෙන දෙයක්. විමක්, සිටීමක්,තිබීමක් පෙන්වන වචනයකි. මෙය අපි ගොඩනගාගනු ලැබුවේ ඉංග්‍රීසි ක්‍රියාව මේ හරහා ඉගෙනගැනීමට පහසු වන බැවිනි.
1.       කරන දෙයක් හා කෙරෙන දෙයක් පෙන්වන ක්‍රියාපද වල චලනයක් එසේ නැත්නම් සෙලවීමක් දැකගතහැකිය. එනම් action එකක් දැක ගත හැකිය. එබැවින් ඒවාට ඉංග්‍රිසියෙන් ACTION VERBS යැයි කියනු ලැබේ.
2.       එහෙත් විමක්, සිටීමක්,තිබීමක් පෙන්වන ක්‍රියාවල එලෙස චලනයක් දැකගත නොහැක. එනම් action එකක් දැක ගත නොහැකිය. එබැවින් ඒවාට ඉංග්‍රිසියෙන් NON ACTION VERBS යැයි කියනු ලැබේ. විමක්, සිටීමක්,තිබීමක් යන ක්‍රියා වලට ඉංග්‍රීසියෙන් being යැයි පැවසේ. එබැවින් මෙම NON ACTION VERBS වලට BE VERBS යැයිද කියනු ලැබේ.


ACTION VERBS
NON ACTION VERBS OR BE VERBS

කරන ක්‍රියා,කෙරෙන ක්‍රියා

උදාහරන_

කයි,දුවයි,ලියයි,බලයි,නටයි

හමයි,පිපෙයි,ගලයි,වසියි,වැටෙයි


වීමක්,සිටීමක්,තිබීමක් පෙන්වන ක්‍රියා

උදාහරන

වෙමි,සිටිමි,ඉදිමි,තිබේ
(සිටිමි,ඉදිමි,අර්ථයෙන් සමානය)



මෙම ක්‍රියා වර්ග දෙකෙන් NON ACTION VERBS මුලින් ඉගෙන ගැනීම වඩා හොදය.


No comments:

Post a Comment