Saturday, January 7, 2017

ක්‍රියා මූලයෙන් අතීත කෘදන්ත ස්වරෑපය ගොඩනගන අයුරැ

ක්‍රියා මූලයෙන් අතීත කෘදන්ත ස්වරෑපය ගොඩනැගීම සදහා එම ක්‍රියා මුලයට අතීත භාවය සැපයිය හැකි අධාරක ක්‍රියාවක් වන done එකතු කරනු ලැබේ.එවිට එම ආධාරක ක්‍රියාව ක්‍රියා මුලය තුල සැගවී එය අතීත  කෘදන්ත ස්වරෑපය බවට පත් කරනු ලැබේ.  පහත උදාහරන බලන්න.

ආධාරක ක්‍රියාව     ක්‍රියා මූලය        වර්තමාන බහු වචන ස්වරෑපය  

done             +                   eat           ------                      eaten 
done             +                   cut           ------                      cut
done             +                   buy          ------                      bought
done             +                   run          ------                       run
done             +                   talk          ------                       talked


අතීත කෘදන්ත ස්වරෑපය වාක්‍යයක ක්‍රියාව ලෙස තනිව භාවිත කල නොහැක. එය කතෘ කාරක වාක්‍ය වල භාවිත කල හැක්කේ have, has,had, යන ආධාරක ක්‍රියා සමගින්ය.  have, has සමගයෙදූවිට present perfect යන කාලයද  had  සමග යෙදූවිට past perfect  යන කාලයද ගොඩනැගේ..දැන් මෙම අතීත කෘදන්ත ස්වරෑප යොදා වාක්‍යය නිර්මානය කරන ආකාරය බලමු.  

1. I have eaten bread for my breakfast.(කා ඇත්තෙමි.)
2. We have cut down ten trees for timber since morning. (කපා ඇත්තෙමු.)
3. My parents have bought provisions from the market (මිලදීගෙන ඇත්තේය/තිබේ.)
4. Children have run everywhere for fun for two hours. (දුවා ඇත්තෝය/තිබේ.)
5. That English man has talked to the president regarding the matter.(කතාකර ඇත්තේය/තිබේ.)

ඉහතින් ලියා ඇති සියලුම වාක්‍යයන් වර්තමානයේ සම්පූර්නවූ හෙවත් (present perfect)  යන කාලයට අයත් වක්‍යයන්ය. අපිට මෙම වාක්‍යයන් නැත යන අර්ථයට පත් කිරීමට අවශ්‍යවූවා යැයි සිතමු.එවිට අපකල යුත්තේ ක්‍රියාව තුල ඇති ආධාරක ක්‍රියා වන have, has යන වචන පිටුපසට not දැමීම පමණි.eaten, cut, bought, run, talked යන අතීත කෘදන්ත තුල සැගව ඇති ආධාරක ක්‍රියාව වන done   ඉන් ඉවතට ගැනීමක් අවශ්‍ය නොවේ. දැන් අපි ඉහත සදහන් වාක්‍යයන්නැත යන අර්ථයට හරවන අයුරැ  බලමු.

1. I have not  eaten bread for my breakfast.(කා නැත්තෙමි.)
2. We have not cut down ten trees for timber since morning. (කපා නැත්තෙමු.)
3. My parents have  not bought provisions from the market (මිලදීගෙන නැත්තේය/නොතිබේ.)
4. Children have not  run everywhere for fun for two hours. (දුවා නැත්තෝය/නොතිබේ.)
5. That English man has not talked to the president regarding the matter.(කතාකර නැත්තේය/නොතිබේ.)

මෙලෙස අතීත කෘදන්තය සමග  had  යොදා  past perfect කාලයෙහි වාක්‍යද ගොඩ නැගිය හැක.

No comments:

Post a Comment