Wednesday, December 28, 2016

ක්‍රියා මූලයෙන් අතීත කාල ස්වරෑපය ගොඩනගන අයුරැ

ක්‍රියා මූලයෙන් අතීත ස්වරෑපය ගොඩනැගීම සදහා එම ක්‍රියා මුලයට අතීත භාවය සැපයිය හැකි අධාරක ක්‍රියාවක් වන did එකතු කරනු ලැබේ.එවිට එම ආධාරක ක්‍රියාව ක්‍රියා මුලය තුල සැගවී එය අතීත ස්වරෑපය බවට පත් කරනු ලැබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ අතීත ස්වරෑපය ඒක වචන සහ බහුවචන යන ඕනෑම කතෘ පදයක් සමගින් පොදුවේ යොදා ගැනීමට හැකි වීමයි. පහත උදාහරන බලන්න.

ආධාරක ක්‍රියාව     ක්‍රියා මූලය                       අතීත ස්වරෑපය  

did              +                   eat          ------                       ate 
did              +                   cut          ------                       cut
did              +                   buy         ------                       bought
did              +                   run          ------                       ran
did              +                   talk         ------                       talked

දැන් මෙම අතීත ස්වරෑප යොදා වාක්‍යයක් නිර්මානය කල විට එම වාක්‍යයද අතිත කාල වාක්‍යයන් වනු ඇත. 

1. I ate bread for my breakfast yesterday.
2. We cut down trees for timber last month.
3. My parents bought provisions from the market last Monday.
4. Children ran everywhere for fun last day.
5. English people talked very fast in the last meeting.

ඉහතින් ලියා ඇති සියලුම වාක්‍යයන් අතිත කාල වක්‍යයන්ය. අපිට මෙම වාක්‍යයන් නැත යන අර්ථයට පත් කිරීමට අවශ්‍යවූවා යැයි සිතමු.එවිට අපකල යුත්තේ ක්‍රියාව තුල සැගව ඇති ආධාරක ක්‍රියාව ඉන් එලියට ගෙන ක්‍රියාව ඉදිරියෙන්ලියා එය පිටුපසට not දැමීමයි. ආධාරක ක්‍රියාව ප්‍රධාන ක්‍රියාවෙන් ඉවතට ගත්පසු ප්‍රධාන ක්‍රියාව ක්‍රියාමූලය බවට පත් වනබව තරයේ මතකතබාගත යුතුය. දැන් අපි ඉහත සදහන් වාක්‍යයන්නැත යන අර්ථයට හරවන අයුරැ  බලමු.

පලමු පියවර

1. I did eat bread for my breakfast yesterday.
2. We did cut down trees for timber last month.
3. My parents did buy provisions from the market last Monday.
4. Children did run everywhere for fun last day.
5. English people did talk very fast in the last meeting.

දෙවන පියවර

1. I did not eat bread for my breakfast yesterday.
2. We did not cut down trees for timber last month.
3. My parents did not buy provisions from the market last Monday.
4. Children did not run everywhere for fun last day.
5. English people did not talk very fast in the last meeting.

මෙය නිවැරදිව අවබෝධ කර ගත්තාට පසු පියවර දෙකක් අවශ්‍ය නොවේ.








No comments:

Post a Comment