Wednesday, January 11, 2017

ක්‍රියා මූලයෙන් වර්තමාන ඒකවචන ස්වරෑපය ගොඩනගන අයුරැ

අපි මීට පෙර පාඩම් වලදී ක්‍රියා මූලයෙන් වර්තමාන බහු වචන,අතීත සහ අතීත කෘදන්තය ගොඩනගන හැටි සහ ඒවා භාවිත කර වාක්‍ය තනන අයුරැ ඉගෙන ගතිමු. එම ස්වරෑප තුන ප්‍රධාන ස්වරෑප තුන උවද ක්‍රියා මූලයෙන්ගොඩ නගා ගන්නා වර්තමාන ඒකවචන ස්වරෑපයක්ද තිබේ.වර්තමාන ඒකවචන ස්වරෑපය අවශ්‍ය වන්නේ වර්තමාන කාලයෙන් වාක්‍ය ලියන විට කතෘ ඒක වචන නම් ක්‍රියාවද ඒක වචනයෙන් තැබියයුතු බැවිනි.දැන් අපි එය ගොඩ නගන හැටි බලමු.

ක්‍රියා මූලයෙන් වර්තමාන ඒක වචන ස්වරෑපය ගොඩනැගීම සදහා එම ක්‍රියා මුලයට වර්තමාන භාවයද ඒකවචන බාවයද එකවිට සැපයිය හැකි අධාරක ක්‍රියාවක් වන does එකතු කරනු ලැබේ.එවිට එම ආධාරක ක්‍රියාව ක්‍රියා මුලය තුල සැගවී එය වර්තමාන ඒක වචන ස්වරෑපය බවට පත් කරනු ලැබේ.  පහත උදාහරන බලන්න.

ආධාරක ක්‍රියාව     ක්‍රියා මූලය        වර්තමාන ඒක වචන ස්වරෑපය  

does              +                   eat          ------                       eats 
does              +                   cut          ------                       cuts
does              +                   buy         ------                       buys
does              +                   run          ------                       runs
does              +                   talk         ------                       talks

දැන් මෙම වර්තමාන බහු වචන ස්වරෑප යොදා වාක්‍යයක් නිර්මානය කල විට එම වාක්‍යයද වරර්තමාන ඒක වචන වාක්‍යයක් වනු ඇත.

1. He eats bread for his breakfast.
2. That man cuts down trees for timber.
3. My mother buys provisions from the market.
4. The baby runs everywhere for fun'
5. That English man talks ry fast.

ඉහතින් ලියා ඇති සියලුම වාක්‍යයන් වර්තමාන කාල ඒක වචන වක්‍යයන්ය. අපිට මෙම වාක්‍යයන් නැත යන අර්ථයට පත් කිරීමට අවශ්‍යවූවා යැයි සිතමු.එවිට අපකල යුත්තේ ක්‍රියාව තුල සැගව ඇති ආධාරක ක්‍රියාව ඉන් එලියට ගෙන ක්‍රියාව ඉදිරියෙන්ලියා එය පිටුපසට not දැමීමයි. ආධාරක ක්‍රියාව ප්‍රධාන ක්‍රියාවෙන් ඉවතට ගත්පසු ප්‍රධාන ක්‍රියාව ක්‍රියාමූලය බවට පත් වනබව තරයේ මතකතබාගත යුතුය. දැන් අපි ඉහත සදහන් වාක්‍යයන්නැත යන අර්ථයට හරවන අයුරැ  බලමු.

පලමු පියවර

1. He does eat bread for his breakfast.
2. That man does cut down trees for timber.
3. My mother does buy provisions from the market.
4. The baby does run everywhere for fun'
5.That English man does talk very fast.

දෙවන පියවර

1. He does not eat bread for his breakfast.
2. That man does not cut down trees for timber.
3. My mother does not buy provisions from the market.
4. The baby does not run everywhere for fun'
5.That  English man does not talk very fast.




No comments:

Post a Comment